Tel: +94 55 2226622

Anthem


UWU Anthem – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ගීතය


නමුණුකුලින් බඹරගලට ඇදෙන සුලං රැළි ඔස්සේ
දුන්හිඳ දියළුම දිය ඇලි විසුල සීත පොද වැස්සේ
මහියංගණ මුතියංගණ වෙහෙර වඳින හිරු රැස්සේ
බබලයි සරසවිය අපේ පිහිටි ඌව වෙල්ලස්සේ

විද්‍යා හා තාක්ෂණික නව දැනුමෙන් මනස සදා //
කෘෂි හා කළමණාකරන කටයුතු වෙත නැණස යොදා
මයුරපාද සෙනසුන්ගල විදුබිම් වල සුවඳ බෙදා
ජය ලද පෙර විරුවන් ලෙද නව ලොව ජය ගනිමු මෙදා

නමුණුකුලින් බඹරගලට…

දෑ කුල ගොත් වාද භේද අතැර දෑත් එකට බඳිමු //
අවිදු අඳුර දුරලන්නට එකාවන්ව අකුරු කරමු
සක්වල ගල දසනු දිසා කිත් යසසින් ගිගුම් නගමු
පවර ඌව වෙල්ලස්සේ නාමය රණඹරෙහි ලියමු

නමුණුකුලින් බඹරගලට…

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණය: ආචාර්ය පණ්ඩිත් අමරදේව